brand logo
logo
  අධිබලැති යතුරුපැදි සිද්ධියෙන් කුරුළු උයනේ හිමිකරු නිදොස්කොට නිදහස්

අධිබලැති යතුරුපැදි සිද්ධියෙන් කුරුළු උයනේ හිමිකරු නිදොස්කොට නිදහස්

06 May 2026


අධිබලැති යතුරු පැදි 11ක් ඇතුළු යතුරුපැදි 21ක් නීති විරෝධීව මෙරටට ගෙන්වූ බවට චෝදනා එල්ල වූ හම්බන්තොට කුරුළු උයනේ හිමිකරු අජිත් ගාල්ලගේ ඇතුළු සැකකරුවන් නිදොස්කොට නිදහස් කරන ලෙස හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියම කළේය.


අදාළ නඩු විභාගය කැඳවූ අවස්ථාවේ පැමිණිලි පාර්ශවය වූ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් අදාළ පැමිණිල්ල තවදුරටත් පවත්වාගෙන නොයන බවට අධිකරණය හමුවේ කරුණු සැළකර සිටිමත් සමග ඉදිරිපත් වු කරුණු සළකා බැලිමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.


හම්බන්තොට කුරුළු උයනේ තිබී රුපියල් කෝටි 25ක් පමණ වටිනා යතුරුපැදි 21ක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් පසුගිය වසරේ ජූලි 12 වනදා එහි සේවකයන් දෙදෙනෙකුද සමග අත්අඩංගුවට ගනු ලැබීය.


පසුව සිදුකල විමර්ශනවලින් අනතුරුව කුරුළු උයනේ හිමිකරු වූ අජිත් ගාල්ලගේ නැමැත්තාද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.


පසුව සැකකරුවන් ඇප මත නිදහස් කෙරුණු අතර, ඊට අදාල නඩු විභාගය හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්විණි.


ඒ අනුව යතුරුපැදි ගෙන්වීම, සන්තකයේ තබාගැනීම හා එකලස් කිරීම ඇතුළු චෝදනා යටතේ ඉදිරිපත් කර තිබූ චෝදනාවලින් ප්‍රධාන සැකකරු වූ කුරුළු උයනේ හිමිකරු, ගබඩා පාලකවරයා හා තවත් සේවකයෙකු මෙලෙස නිදොස්කොට නිදහස් කර තිබේ.

 

More News..