brand logo
logo
සෞඛ්‍ය පරීක්ෂක රාජකාරී වෙලාව සංශෝධනයට කමිටුවක්

සෞඛ්‍ය පරීක්ෂක රාජකාරී වෙලාව සංශෝධනයට කමිටුවක්

01 August 2025



මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරී වේලාව සංශෝධනයට විශේෂ කමිටුවක් පත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය. 


ඉතා කෙටි කලකින් එම කමිටුව මඟින් ලබා දෙන තීරණ හා තීන්දු මත ඉදිරි කටයුතු සිදු කරන බව ද අමාත්‍යවරයා කීය.


සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය, සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයින් සමඟ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පවත්වනු ලැබූ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.


මෙහි දී වෘත්තීය සමිති නියෝජිතයින් ඉදිරිපත් කළ වෘත්තීය ගැටළු අතර, ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුර පිරවීම, යතුරු පැදි ලබා ගැනීම, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පුහුණුව කඩිනම් කිරීම, පුහුණුව සඳහා අලුතින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බඳවා ගැනීම, සේවාස්ථ පුහුණු පාඨමාලාවන් ආරම්භ කිරීම, රාජකාරී වේලාව සංශෝධනය කිරීම, ඩිජිටල් සෞඛ්‍ය පද්ධතියක් සකස් කිරීම, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සියලු ශ්‍රේණි සඳහා වෙන වෙනම රාජකාරී ලැයිස්තු සකස් කිරීම, මහජන සෞඛ්‍ය උපාධි පාඨමාලාවන් කඩිනම් කිරීම, ආහාර සාම්පල පරීක්ෂණ රසායනාගාර පළාත් මට්ටමින් ස්ථාපිත කිරීම, ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකක වලින් සිදුවන සේවාව ශක්තිමත් කිරීම සඳහා දායකත්වය ලබා දීම වැනි කරුණු පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කරමින් මෙහි දී සාකච්ජා කෙරිණි.

 

More News..