දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට
22 May 2025
දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට
22 May 2025
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (22) පස්වරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණියේය.
ඇප ලබා පිටව යාමේ දී අධිකරණ නියෝග කඩකරමින් මෝටර් රථයක් අධිකරණ පරිශ්‍රයට ගැනීම තුළින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට අපහාස කිරීමක් සිදුකර ඇති බව මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා තීන්දු කළ අතර එම නඩුවයි අද දින යළිත් කැඳවන ලදී.
සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහෙස්ත්‍රාත්වරයා මුල් අවස්ථාවේ අධිකරණයකට සිදු කරන ලද අපහාසයක් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමේ බලය එම අධිකරණයට නොමැති බැවින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනුකරන ලෙස මහේස්ත්‍රාත්වරයා නීතිපතිවරයාට දැනුම් දුන්නේය.
2023 වසරේ දෙසැම්බර් 31 වැලිගම W15 හෝටලය ආසන්නයේ සිදු වූ වෙඩිතැබීමකදී පොලිස් සැරයන්වරයෙකු මියයාම සම්බන්ධයෙන් දින 22ක් රක්ෂිත බන්ධනාගාරගත කළ ධුරයේ රාජකාරී කිරීම අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව අප්‍රේල් 10 වැනදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඇපමත මුදා හරිනු ලැබීය.
එහිදී දේශබන්දු තෙන්නකෝන් මහතා සිය පෞද්ගලික මෝටර් රථය අධිකරණ භූමියට ගෙන්වාගෙන ඉන් පිටව ගියේ මෝටර් රථය අධිකරණ පරිශ්‍රයට නොගෙන එන ලෙසට සහ ආරක්ෂකයින් යොදා නොගන්නා ලෙසට මහේස්ත්‍රාත්වරයා දුන් ඇප කොන්දේසි ද කඩකරමින්.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාට අදාළ ඇප කොන්දේසි කඩකිරීම සම්බන්ධයෙන් අප්‍රේල් 25 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කෙරුණි.

