brand logo
logo
තලවතුගොඩ වෙඩිතැබීම ගැන තොරතුරු රැසක්

තලවතුගොඩ වෙඩිතැබීම ගැන තොරතුරු රැසක්

19 July 2025



අද (19) අලුයම් කාලයේ තලවතුගොඩ රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරිපිට වෙඩිතැබීමක් සිදුකර තිබේ.


රාත්‍රී සමාජ ශාලාව වෙත පැමිණි පුද්ගලයින් දෙපිරිසක් අතර බහින්බස් වීමක් දුරදිගයෑමෙන් පසු එම ස්ථානයට පැමිණි වෙනත් පුද්ගලයෙකු මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.


බලපත්‍ර සහිත රිවෝල්වරයක් රැගෙන පැමිණ තිබූ අදාළ පුද්ගලයා විරුද්ධ පාර්ශ්වය බය කිරීම සඳහා තාප්පයක වෙඩිතබා ඇති බව වැඩිදුරටත් වාර්තා විය. 


සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


 

More News..