ආපදා වෙලාවේ බිළිඳුන්ට මව්කිරි විතරක් දෙන්න
03 December 2025
ආපදා වෙලාවේ බිළිඳුන්ට මව්කිරි විතරක් දෙන්න
03 December 2025
පවතින ආපදා තත්වයේදීත් කුඩා දරුවන්ට දිගටම මවුකිරි ලබාදෙන ලෙසත් පිටිකිරි ලබාදීම සඳහා මව්වරු පෙළඹවීම සිදු නොකරන ලෙසද ආධාර ලෙස පිටිකිරි ලබා නොදෙන ලෙසද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා ඉල්ලා සිටියි.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පහත කරුණු අවධාරණය කරයි.
"දරුවාගේ උපතේ සිට මාස හයක් (06) ගතවන තුරු එකම ආහාරය මව්කිරිය. මෙම කාල සීමාවේ දරුවාට ජලය වත් මව් කිරි වලට අමතරව ලබා නොදිය යුතුය. කුමන ආපදා තත්වයක වුවද මව ජීවත්ව සිටීනම් මවගේ මව්කිරි නිපදවෙයි. දරුවා අසල මව නොමැති විශේෂිත තත්වයක මිස මව්කිරි ලබා දිම දිගටම කළ යුතුය.
උපතේ සිට මාස හයක් ගතවන තුරු මව්කිරි දරුවාට පරිපූර්ණ ආහාරයකි.ඉන් දරුවාට අවශ්‍ය සියලු පෝෂණය ලැබෙන අතර රෝග වලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය ප්‍රතිශක්තියද, ජලයද දරුවාට ලැබෙන්නේ මව් කිරි වලිනි. එම ප්‍රතිශක්තිය ආපදා වකවානුවේ පැතිරී යා හැකි රෝග වලින් ආරක්ෂා වීමට දරුවාට ඉතා වැදගත් වේ. වයස මාස හයෙන් පසුවද අනෙක් ආහාර සමගම දරුවාට මව් කිරි ලබා දීම කළ යුතුය."
මේ ආපදා තත්වය හමුවේ ඇතැමුන් පිටිකිරි, ළදරු පිටිකිරි, කිරි බෝතල් ප්‍රවර්ධනය කරනු නිරීක්ෂණය වෙයි. එසේ සිදු කිරීම සමස්ථ ජාතියේම දරුවන්ට කරන හානියකි. එබැවින් එසේ ළදරු කිරිපිටි ප්‍රවර්ධනය කිරීම, ආපදා සහන සමග බෙදා නොහරින ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා සියළු පාර්ශ්වයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
දරුවන්ට මව් කිරි ලබා දීමට මවට සහාය වීමට අවැසි දේ ලබා දීම ,එනම් පහසුවෙන් අසුන් ගැනීමට පුටු,මව්කිරි දීමට මවට ඇඳුම් ,ලදරුවන් උණුසුම්ව තබා ගැනීමට බ්ලැන්කට්,තොප්පි,මේස් ආදිය ලබාදීම වැදගත්ය.

