එතනෝල් ඉක්මණින් විකුණන්න උක් ගොවීන්ට දීමනා දෙන්න සල්ලි නැහැ
31 October 2024 | එෆ්. අස්ලම්
එතනෝල් ඉක්මණින් විකුණන්න උක් ගොවීන්ට දීමනා දෙන්න සල්ලි නැහැ
31 October 2024 | එෆ්. අස්ලම්
සෙවණගල හා පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවල ගොඩගැසී ඇති එතනෝල් ලීටර් මිලියන තුනකට අධික ප්‍රමාණයක් මිලදී ගන්නා ලෙස ජනාධිපති කාර්යාලය කළ ඉල්ලීමක් මත්පැන් නිෂ්පාදන සමාගම් ඊයේ (30 වැනිදා) ප්‍රතික්ෂේප කර ඇත.
ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් මත්පැන් නිෂ්පාදන සමාගම් අතර විශේෂ හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී ජනාධිපති ලේකම්වරයා පෙන්වා දී ඇත්තේ එතනෝල් මිලදී නොගැනීම නිසා උක් ගොවීන්ට ලබාදෙන දීමනා ගෙවීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවය. රුපියල් පන්දහසක්ව පැවති දීමනාව පැවති ආණ්ඩුව විසින් රුපියල් දස දහසක් දක්වා වැඩි කර තිබේ.
මෙහිදී නිෂ්පාදකයන් පෙන්වා දී ඇත්තේ මත්පැන් ඉල්ලුම අඩුවී ඇති බැවින් මත්පැන් නිෂ්පාදනය අවම කර ඇති බවය. එම නිසා සුරාබදු ආදායමද පහත වැටී ඇති බව මෙහිදී පෙන්වාදී ඇත.
ගොඩගැසී ඇති එතනෝල් භාවිත කරමින් “බයෝ ගෑස්’’ නිෂ්පාදනය කරන ලෙස මත්පැන් නිෂ්පාදන සමාගම් මෙහිදී ඉල්ලා තිබේ.
තවද මත්පැන් බෝතල්වල අලවන ස්ටිකරය නිෂ්පාදනය කරන සමාගම් හා ව්‍යාජ ස්ටිකර් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණි. ඒ පිළිබඳ සොයා බලන ලෙස ජනාධිපති ලේකම්වරයා සුරාබදු කොමසාරිස් ජනරාල් නිශාන්ත ජයවීරට දැනුම් දී තිබේ.
මත්පැන් සඳහා පනවා ඇති බදු අඩු කරන ලෙස නිෂ්පාදන සමාගම් මෙහිදී ඉල්ලා සිටියහ. එහිදී නිලධාරීන් පැවසුවේ බදු අඩු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ නොවන බැවින් එය ඉටුකළ නොහැකි බවය.