ඉන්දීය ප්‍රහාරයට සැකපිට වෛද්‍යවරු තිදෙනෙකු අත්අඩංගුවට
11 November 2025
ඉන්දීය ප්‍රහාරයට සැකපිට වෛද්‍යවරු තිදෙනෙකු අත්අඩංගුවට
11 November 2025
ඉන්දියාවේ නවදිල්ලි නුවර සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තිදෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙකු කාෂ්මීරයේ පදිංචිකරුවන් වන අතර අනෙක් සැකකරු ලක්නව් පදිංචි අයෙකු බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
ඊයේ(10) දිනයේ ඉන්දියාවේ නවදිල්ලි නුවර රතු බලකොටුව අසල මෙට්‍රො දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගයේ රථවාහන සංඥා කනුවක් අසල මෝටර් රථයක් තුළ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු තුවාල ලැබීය.
එහිදී මෝටර් රථයේ සිටි පුද්ගලයා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බවට සැක පළ කරන අතර ඔහු ද වෛද්‍යවරයකු බවටද ඉන්දීය ආරක්ෂක අංශ සැක පළ කරයි.
කෙසේවෙතත් පිපිරීමේ වගකීම මෙතෙක් කිසිදු ත්‍රස්ත සංවිධානයක් විසින් භාරගෙන නොමැත.

