අපරාධ හා මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලට අදාළව 30දෙනක් අත්අඩංගුවට
03 September 2025
අපරාධ හා මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලට අදාළව 30දෙනක් අත්අඩංගුවට
03 September 2025
පොලිස්පතිගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙන අපරාධ හා මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලට අදාළව ඊයේ (02) සිදු කළ වැටලීම්වලදී අපරාධකරුවන් 30දෙනක් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ් පුද්ගලයන් 26015දෙනෙක් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.
ඊට අමතරව සැකපිට පුද්ගලයන් 789දෙනෙක්, දින වරෙන්තුකරුවන් 269දෙනෙක්, විවෘත වරෙන්තුකරුවන් 174දෙනෙක් සහ බීමත් රියැදුරන් 48දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ අපරික්ෂාකාරී රිය පැදවීම් 27ක් සහ රථ වාහන වැරදි 3737ක් ද වාර්තා වූ බවයි.

