brand logo
ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරයෙක් අත්අඩංගුවට

ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරයෙක් අත්අඩංගුවට

09 February 2023

කුරුණෑගල නගරයේ ප්‍රධාන පාසලකට සිසුවෙකු ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ තුනක අල්ලස් මුදලක් ලබා ගැනීමට ගිය ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


මෙලෙසෙ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පාසලේ උසස් පෙළ කලා අංශය භාර ප්‍රධාන ගුරුවරයා බවට තොරතුරු වාර්තා වේ.


සැකකාර ගුරුවරයා අනුරාධපුර ප්‍රදේශයේ සිසුවෙකු උසස් පෙළ කලා අංශයට ඇතුළත් කර ගැනීමට එම සිසුවාගේ පියාගෙන් රුපියල් ලක්ෂ තුනක් මුදලක් ඉල්ලා ඇත.


මේ පිළිබදව සිසුවාගේ පියා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණල්ලක් කර අනතුරුව අල්ලස් මුදල ගුරුවරයාට ලබාදීම සදහා කුරුණෑගල නගරයට පැමිණෙන ලෙසට දන්වා ඇත.


එම මුදලට ලබා ගැනීම ගිය අවස්ථාවේදී සැකකාර ගුරුවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.


සැකකාර ගුරුවරයා කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.

 

More News..