රටම එකට මෙහෙයුමෙන් පුද්ගලයින් 99,000කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට
20 February 2026
රටම එකට මෙහෙයුමෙන් පුද්ගලයින් 99,000කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට
20 February 2026
දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම සඳහා ආරම්භ කර ඇති "රටම එකට" ජාතික මෙහෙයුම යටතේ මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 99,000 ඉක්මවා ඇතැයි පොලීසිය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ මෙම මෙහෙයුම යටතේ මේ දක්වා සැකකරුවන් 99,540ක් අත්අඩංගුවට ගෙන ඇති බවය.
තවද අදාළ මෙහෙයුම් මගින් සැකකරුවන් 137කට එරෙහිව නීති විරෝධී වත්කම් විමර්ශනද ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
තවද සැකකරුවන් 1,973කට එරෙහිව රැඳවුම් නියෝග ලබා ගැනීමටද, පුනරුත්තාපනය සඳහා පුද්ගලයින් 1,639 යොමු කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
එමෙන්ම මෙම වැටලීම් මගින් හෙරොයින් කිලෝ 524යි ග්‍රෑම් 906ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1,416 ග්‍රෑම් 41ක්ද පොලිස් භාරයට ගැනීමටද පොලීසිය කටයුතු කර ඇත.
මීට අමතරව ගංජා කිලෝ 3,506 ග්‍රෑම් 298ක්, කොකේන් කිලෝ 11 ග්‍රෑම් 674ක්ද, කුෂ් කිලෝ 199 ග්‍රෑම් 864ක්, හෂීස් කිලෝ 121 ග්‍රෑම් 962ක් සහ මත්පෙති 932,976ක් ඇතුළු මත්ද්‍රව්‍ය රැසක්ද පොලිස් භාරයට ගෙන ඇති බවත් පැවසූ පොලීසිය සඳහන් කළේ වැටලීම් 100,247කට අදාළව මෙම සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත්වූ බවය

