මෝදර දේවාල කමිටු සභාපතිවරයා ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට
03 December 2025
මෝදර දේවාල කමිටු සභාපතිවරයා ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට
03 December 2025
අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටු සභාපතිවරයා ඝාතනය කළ වෙඩික්කරු ගාල්ල දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී පවසා ඇත්තේ, මේ වනවිට බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින 'ලොකු පැටී' නම් අපරාධකරුගේ පාර්ශවයෙන් තමන්ට මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලැබුණු බවය.
තමන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත බවත්, ඒ ඔස්සේ ලොකු පැටී හඳුනාගත් බවත් සැකකරු පොලීසිය හමුවේ පවසා තිබේ.
පොලීසිය විසින් අත්අඩංගුවට ගත් 'මහදුර ඉසුර' නැමැත්තා විසින් ඝාතනය සිදුකළ දින තමන් අලුත්ගම, දර්ගා නගරයේදී ඔහු පැමිණි මෝටර් රථයට නංවා ගත් බවත් සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත.
එමෙන්ම ඝාතනය සඳහා රුපියල් 190,000ක මුදලක් ලබාදුන් බවත් ඔහු පවසා තිබේ.
සැකකරුට ලැබුණු මුදලින් අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති මිලදී ගත් බව පවසා ඇති අතර, අලුත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු අත්අඩංගුවට ගන්නා විටත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක්ද තිබූ බවද පොලීසිය පවසයි.
28 හැවිරිදි සැකකරු අලුත්ගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබාදී ඇත.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරා මහතා විසින් සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

