brand logo
logo
තෙන්දු කොළ ප්‍රවාහනයට සහාය වූ සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට

තෙන්දු කොළ ප්‍රවාහනයට සහාය වූ සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට

10 June 2025

නීතිවිරෝධී අයුරින් ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට රැගෙන ආ තෙන්දු කොළ කිලෝග්‍රෑම් 1200කට වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සිය භාරයට ගෙන ඇත.

මීගමුව ප්‍රදේශයේදී වැටලීම සිදුකර තිබූ අතර ලොරි රථයකින් ඒවා ප්‍රවාහනය කරමින් සිටි රථයේ රියදුරු සහ තවත් සැකකරුවෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම තෙන්දු කොළ තොගය ප්‍රවාහනය කිරීම සඳහා සුරාබදු නිලධාරීන් දෙදෙනෙක් ආරක්ෂාව ලබාදී ඇති අතර ඔවුන් දෙදෙනාවද අත්අඩංගුවට ගෙන තිබේ.

ගෝනි 42ක් තුළ තිබූ එම තෙන්දු කොළ තොගයේ වටිනාක රුපියල් ලක්ෂ 100ක් පමණ වෙන බව වාර්තා වෙයි.

 

More News..