brand logo
logo
මාර්තු සිට ලිට්‍රෝ ගෑස් වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොළට

මාර්තු සිට ලිට්‍රෝ ගෑස් වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොළට

20 February 2026

එළැඹෙන මාර්තු 12 වනිදා සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

කෙසේවෙතත් ඉකුත් දින කිහිපයේ මෙන්ම අදත් ප්‍රදේශ ගණනාවක ගෑස් හිඟයක් දක්නට ලැබුණි.


ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් හිඟයක් පවතින බවට දිවයිනේ ප්‍රදේශ කිහිපයකම පාරිභෝගිකයින් මැසිවිලි නැගූ අතර ඇතැම් ස්ථානවල ගෑස් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණි.


කෙසේ වෙතත් අවශ්‍ය පරිදි ප්‍රමාණවත් තොග පවත්වා ගැනීම සඳහා නව ඇණවුම් සිදුකර ඇති බවත්, ඒ අනුව පෙබරවාරි මාසය අවසන්වීමට පෙර ගෑස් නෞකා තුනක් පැමිණීමට නියමිතව ඇති බවත් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කළේය.


මෙවන් පසුබිමක අද උදෑසන වන විට ප්‍රදේශ කිහිපයකට නව ගෑස් තොග ලැබී තිබුණි.

මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසන්නේ පෙබරවාරි 26 වැනිදා සිට ලාෆ්ස් ගෑස් වෙළෙඳපොළට නිකුත් කරන බව අදාළ සමාගම දැනුම්දී ඇති බවය

 

More News..