brand logo
logo
 දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

03 June 2026


දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


කාලගුණ තත්ත්වය පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ ප්‍රධාන පළාත් දෙකක සහ දිස්ත්‍රික්ක 4 ක ඇතැම් ස්ථානවලට මෙම තද වැසි තත්ත්වය ඇතිවිය හැකි බවය.


ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.


 

More News..