ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් 10දෙනෙකුගේ පන්ති තහනම්
08 April 2026
ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් 10දෙනෙකුගේ පන්ති තහනම්
08 April 2026
අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ කළමනාරණ පීඨයේ සහ තාක්ෂණ පීඨයේ සිසුන් අතර ඇතිවු ගැටුමක් නිසා සිසුන් 10 දෙනෙකුගේ පන්ති තහනම් කිරිමට විශ්ව විද්‍යාල පාලධිකාරිය පියවර ගෙන ඇත.
පසුගිය 4 වැනිදා රාත්‍රි තාක්ෂණ පිඨයේ සිසුන් පිරිසක් විසින් ඩි.ජේ සංගිතයක් පවත්වා ඇති අතර එම ස්ථානයට කළමණකාර පීඨයේ සිසුන් පිරිසක් පැමිණිමත් සමඟ මේ ගැටුම ඇතිවි තිබේ.
කළමණාකරණ පීඨයේ තෙවන වසර සහ සිව්වන වසරේ සිසුන් 10 දෙනෙකු ගේ පන්ති තහනම් කර තිබේ. ඒ අනුව එම සිසුන් 10 දෙනා විශ්ව විද්‍යාලයෙන් නිවෙස් කරා යැවිමට පාලනධිකාරිය පියවර ගෙන ඇත.

