අරුණ මාධ්‍යවේදීන් සම්මානයෙන් පිදුම් ලබයි
11 November 2025
අරුණ මාධ්‍යවේදීන් සම්මානයෙන් පිදුම් ලබයි
11 November 2025
මාධ්‍යවේදීන් විසින් සිදු කරනු ලබන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය අගයනු පිණිස පවත්වනු ලබන 2025 - ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අද නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වූණි.
එහිදී වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති වාර්තාකරණයට හිමි සම්මානය හිමි වූයේ මාධ්‍යවේදී එෆ්.අස්ලම්ටය. ඔහු විසින් ලියා ඉකුත් 2023 වසරේ මාර්තු 07 වැනිදා දිනපතා අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ලෙස පළවූ “කුඩු ඩ්‍රයිවර්ලා අල්ලන කෙළ මැෂින් පොලිසිවල වේලේ“යන පුවත වෙනුවෙන් මෙම සම්මානය හිමි විය.
එසේම වසරේ හොඳම ජායාරූප මාධ්‍යවේදියාට හිමි සම්මානය අරුණ පුවත්පතේ ජායාරූප මාධ්‍යවේදි ක්‍රිෂාන් කාරියවසම්ට හිමිවිය.“මිරිවැඩි ගොඩ ගැහෙයි“යනුවෙන් 2023 වසරේ පෙබරවාරි මස 27 වැනිදා දිනපතා අරුණ පුවත්පතේ පළවූ සේයාරුව වෙනුවෙන් ඔහුට මෙම සම්මානය හිමි වූවේය.
මෙම සම්මාන දෙක පිරිනමනු ලැබුවේ අගමැතිනි හරිනි අමරසූරිය විසිනි

