brand logo
logo
මහේස්ත්‍රාත්වරු, දිසා විනිසුරුවරු ඇතුළු පිරිසකට ස්ථාන මාරු

මහේස්ත්‍රාත්වරු, දිසා විනිසුරුවරු ඇතුළු පිරිසකට ස්ථාන මාරු

11 September 2025

මහේස්ත්‍රාත්වරු, විනිසුරුවරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරින් 106 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.


සැප්තැම්බර් මස 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ස්ථාන මාරුවීම් ලබා දි ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේය.


මහෙස්ත්‍රාත්වරුන්, අතිරේක මහෙස්ත්‍රාත්වරුන්, දිසා විනිසුරුවරුන්, අතිරේක දිසා විනිසුරුවරුන් සහ රෙජිස්ට්‍රාර්වරුන් සඳහා මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව සඳහන්ය.


මෙම ස්ථාන මාරුවීම් යටතේ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහර මහෙස්ත්‍රාත් අධිකරණයටත්, මහර මහෙස්ත්‍රාත් එච්.ජි.ජේ.ආර්. පෙරේරා මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මාරු කර ඇති බව වාර්තා වේ.


ගාල්ල මහෙස්ත්‍රාත් අයි.එන් එන් කුමාර ගමගේ මහතා කොටුව මහෙස්ත්‍රාත්වරයා ලෙසත් කුරුණෑගල මහෙස්ත්‍රාත් එන්.ඩී.ගුණරත්න මහතා, ගම්පහ අතිරේක දිසා විනිසුරුවරයා ලෙසත් මාරු කර යවා තිබේ.


කොළඹ අතිරේක ම‌හෙස්ත්‍රාත් පි.එස්.පතිරණ මහත්මිය බලපිටිය මහෙස්ත්‍රාත්වරයා ලෙසත්, බලපිටිය මහෙස්ත්‍රාත් ආර්.ඩී.ජනක මහතා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා ලෙස මාරු කර ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේය.


ඊට අමතරව මෙම ස්ථාන මාරුවීම් යටතේ අධිකරණ පුහුණු ආයතනයේ පුහුණුව ලැබූ 17 දෙනෙකු මහෙස්ත්‍රාත්වරු, අතිරේක දිස්ත්‍රික් විනිසුරුවරුන් ලෙස පත්වීම් ලබා ඇති බව ද අධිකරණ සේවා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

 

More News..