brand logo
logo
රන් පවුම හාරලක්ෂය පනී

රන් පවුම හාරලක්ෂය පනී

04 March 2026 | සාලිය කුමාර ගුණසේකර

මැද පෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල ගණන් ද යළි ඉහළ ගොස් ඇත. ඒ අනුව ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඊයේ (03 වැනිදා) ඇමරිකානු ඩොලර් 5300 ක් දක්වා ඉහළ ගොස් තිබේ.


මේ අතර මෙරට ස්වර්ණාභරණ වෙළෙඳපොළේ කැරට් 24 ක රන් පවුමක මිල ඊයේ (03 වැනිදා) රුපියල් හාරලක්ෂ විසිපන්දහස (425,000) දක්වා ඉහළ ගොස් තිබේ.


තවද කැරට් 22 රන් පවුමක මිල රුපියල් තුන් ලක්ෂ අනූතුන්දහස (393,000) දක්වා ද, කැරට් 18 රන් පවුමක මිල රුපියල් තුන්ලක්ෂ විසිදහස (320,000) දක්වා ද ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා ස්වර්ණාභරණ අලෙවිසල් හිමියන්ගේ සංගමයේ ලේකම් රාමන් සුබ්‍රමනියම් පැවැසීය.

 

More News..