brand logo
logo
අමෙරිකාවට එල්ල වූ 9/11 ප්‍රහාරයට අදට වසර 24ක්

අමෙරිකාවට එල්ල වූ 9/11 ප්‍රහාරයට අදට වසර 24ක්

11 September 2025

අමෙරිකාවට එල්ල වූ 9/11 ප්‍රහාරය සිදුවී අදට වසර 24ක් සම්පූර්ණ වේ.


2001 සැප්තැම්බර් 11 වැනි අඟහරුවාදා ඔසාමා බින්ලාඩ්න් ප්‍රමුඛ අල් කයිඩා ත්‍රස්ථ සංවිධානය අමෙරිකාවට, මරාගෙන මැරෙන ප්‍රහාර ගණනාවක් එල්ල කළේය.


ත්‍රස්තවාදීන් මගී ප්‍රවාහන ගුවන් යානා තම ග්‍රහණයට ගෙන නිව්යෝර්ක් නුවර පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගැටෙන්නට සැලැස්විය.


ඒ පුද්ගලයින් දහස් ගණනකට ජීවිත අහිමි කරමිනි.


ත්‍රස්තවාදීන් පැහැරගත් තවත් ගුවන් යානයක් අමෙරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි පෙන්ටගන් ගොඩනැගිල්කටද කඩා වැදුණි.


මෙම ප්‍රහාරය හේතුවෙන් අමෙරිකාවේ පුද්ගලයින් 2,977 දෙනෙකු මිය ගියේය.


ප්‍රහාරයට යොදා ගත් ගුවන් යානා හතරේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් 246 දෙනාම මිය ගිය පිරිස අතරට ඇතුළත් වේ.


එම ප්‍රහාරය සැලකෙන්නේ අදටත් අමෙරිකාව මුහුණ දුන් දරුණුතම ත්‍රස්ථ ප්‍රහාරය ලෙසයි.


ඒ අනුව සැප්තැම්බර් 11 වැනිදා අමෙරිකාවේ දේශප්‍රේමී දිනය ලෙස සැමරෙන අතර එරට වේලාවෙන් උදෑසන 8.46 ට නිශ්ෂබ්දතාවයක් පවත්වා මිය ගිය පිරිස සිහි කෙරේ.

 

More News..