ප්‍රමිතිය විකෘති කළ වාහන අංක තහඩුවලට තහනමක්
24 May 2026
ප්‍රමිතිය විකෘති කළ වාහන අංක තහඩුවලට තහනමක්
24 May 2026
නිල වාහන අංක තහඩු මේ දක්වා නිකුත් නොකළත්, ප්‍රමිතිය විකෘති අංක තහඩු සවිකර රථ වාහන ධාවනය සිදුකළ නොහැකි බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පැවසීය.
කෙසේවෙතත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශ අනුව 'A4' ප්‍රමාණයේ කොළයක මුද්‍රණය කළ අංක තහඩුවක් ප්‍රදර්ශනය කිරීමට කිසිදු බාධාවක් නොමැති බව හෙතෙම පවසයි.
සැපයුම්කරුවෙකු නොමැතිවීමෙන් මාස 10ක පමණ කාලයක සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් වාහන අංක තහඩු නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතරවූ අතර, ඒ හේතුවෙන් අංක තහඩු ලක්ෂ 4ක් පමණ මුද්‍රණය කිරීමට නොහැකි වී ඇතිබව සඳහන්ය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම්දී සිටින්නේ, අංක තහඩු නිකුත් කිරීම ජූනි 10 වැනිදා හෝ ඊට ප්‍රථම ආරම්භවීමට නියමිත බවය.
මෙවන් පසුබිමක අලුතින් ලියාපදිංචිවන වාහන, පිටස්තර වෙළෙඳසැල්වලින් විවිධ වර්ණයන්, ප්‍රමාණයන් සහ විවිධ හැඩයෙන් යුතු අංක තහඩු සවිකර ධාවනය කරන ආකාරය මේ වනවිට සුලබවී තිබේ.
බොහෝදෙනා මැසිවිලි නගන්නේ එවන් අංක තහඩු සහිත වාහන සඳහා පොලිසිය දඩ නියම කරන බවය.

