brand logo
logo
දහම් පාසල් 6 - 10 ශ්‍රේණි විභාගය දින නියමයක් නොමැතිව කල්දැමේ

දහම් පාසල් 6 - 10 ශ්‍රේණි විභාගය දින නියමයක් නොමැතිව කල්දැමේ

03 December 2025

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් 6 - 10 ශ්‍රේණි විභාගය දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.


සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසනා පරිදි මෙම විභාගය එළැඹෙන 14වනදා පැවැත්වීමට නියමිතව තිබුණි.


නිවේදනයක් නිකුත්කරමින් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසා සිටියේ, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙලෙස කල් දැමීමට සිදුව ඇත බවය.


දිවයිනේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල 329ක ලේඛකාධිකාරී ස්වාමින් වහන්සේලාගේ මූලිකත්වයෙන් විභාග මධ්‍යස්ථාන 3,389දී දහම් පාසල් දරු දැරියන් 6,90563ක් වෙනුවෙන් මෙම 6 -10 ශ්‍රේණි විභාගය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


ඒ අනුව විභාගය පවත්වන දිනය පසුව දැනුම්දෙන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සිය නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.

 

More News..