පලා පල

2021 ජූලි මස 13 වැනි අඟහරුවාදා

2021 ජූලි මස 13 වැනි අඟහරුවාදා

රාහු කාලය දිවා 03.23 සිට 04.57 දක්වා රාත්‍රී 03.09 සිට 04.36 දක්වා

ශුභ දිශාව- නැගෙනහිර, මරු සිටින දිශාව- බස්නාහිර

මේෂ

නීති ප්‍රශ්න

ආදායම් මාර්ගවලට බාධා පැමිණේ. නීති ප්‍රශ්න මතු කරයි. ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. අවිවාහක කන්‍යා ලග්න හිමියන්ට යහපත් දිනයකි. විවාහක අයට නම් යුග දිවිය තුළ ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු කිරීමේ අවකාශ පවතී. අධ්‍යාපනයට උනන්දු විය යුතුයි. බෝවන රෝගවලින් ප්‍රවේසම් වන්න.

වෘෂභ

වියදම් පාලනය කරන්න

ආදායම් ලැබුණ ද වියදම් පක්ෂය ඉහළ යන දිනයකි. නව මිතුරු ඇසුරක් ලැබේ. රැකියා කටයුතු කරගෙන යාමේ දී යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැක. අන්‍යයන් සමග කටයුතු කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතුයි. ජලය සම්බන්ධව පීඩා මතු විය හැකි අතර නීති ප්‍රශ්න ද මතු විය හැක.

මිථුන

සහයෝගයෙන් වැඩ කරයි

රැකියා ස්ථානයේ සිත් දිනාගෙන කටයුතු කිරීමේ අවකාශ ලැබේ. උසස් අධ්‍යාපනයට යහපත් පිහිටීමකි. විදෙස් අධ්‍යාපනයකට වුව යොමු වීමෙන් සාර්ථකත්වයට පත් විය හැක. අන්‍යයන් සමග සහයෝගයෙන් කටයුතු කරයි. රැකියා කටයුතු සඳහා දුර ගමන් යෑමට සිදු වේ. පාද ආශ්‍රිත රෝග තත්ත්වයක් ඇති කළ හැක.

කටක

වචන පාවිච්චිය ප්‍රවේසමෙන්

අනවශ්‍ය වියදම් යෙදේ. ගෙදරදොර කටයුතුවලදී කල්පනාකාරී වන්න. වචන පාවිච්චියෙන් ගැටලු මතු විය හැක. නිවසේ රැඳෙන කාලය අඩුය. අධ්‍යාපන කටයුතුවලට පරිබාහිර දේට සිත යොමු වේ. ව්‍යාපාර කටයුතුවලින් පාඩු සිදුවිය හැක. සෞඛ්‍යය සම්බන්ධයෙන් ද විමසිලිමත් වන්න.

සිංහ

උසස් ඇසුර ලැබේ

තමාට වඩා උසස් පුද්ගලයින් ඇසුරු කිරීමේ අවකාශ හිමි වේ. එමගින් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමේ අවකාශය ද ඇති කරයි. වෙළෙඳාම් කටයුතුවලින් ලාභ උපයයි. හදිසි ධන ලාභවලට ඉඩ පවතී. රැකියා අපේක්ෂකයන්ගේ පැතුම් ඉටු වේ. සෞඛ්‍යය යහපත්.

කන්‍යා

අසනීපවලට වියදම් වේ

රැකීරක්ෂා කටයුතුවලින් සාර්ථකත්වයට පත් විය හැක. අසනීප සම්බන්ධයෙන් වියදම් මතු කරයි. විශේෂයෙන් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. වංචාවන්ට හසුවිය හැක. ඥාති මිත්‍රාදීන් සමග මත ගැටුම් ඇති වේ. ඌෂ්ණ රෝග සාදයි.

තුලා

දරුවන්ගෙන් සතුට

ගෘහ ජීවිතය ගත කිරීමේ දී යම් යම් අඩුපාඩු සිදුවිය හැකි බැවින් කල්පනාකාරී විය යුතුයි. විශේෂයෙන් වචන පාවිච්චියේ දී සැලකිලිමත් වන්න. අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ අත්පත් වේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සතුටුදායක ආරංචි ලැබේ. සෞඛ්‍යය තරමක් අයහපත්.

වෘශ්චික

අධ්‍යාපනයට ශුභයි

ආදායම් මාර්ග සරුසාර කර ගැනීමට වෙහෙසේ. රැකියා කටයුතුවලින් යහපත් ප්‍රතිඵල හිමිකර ගැනීමේ හැකියාව ලැබේ. ගෙදරදොර කටයුතු යහපත් අන්දමට සිදු වේ. පිය පාර්ශ්වයෙන් යම් යම් දෑ සඳහා උදව් උපකාර හිමි වේ. උසස් අධ්‍යාපනය ලබන අයට යහපත් දිනයකි. ශාරීරික වෙහෙස වැඩියෙන් දැනෙන අතර පැරණි මිතුරකු තමා සොයාගෙන පැමිණීමට ඉඩකඩ ඇත.

ධනු


රැකියාවට බාධා

රැකියාවේ කටයුතු කරගෙන යාමේ දී අන්‍යයන්ගෙන් බාධා පැමිණිය හැක. මූල්‍ය කටයුතුවල දී පාඩු සිදුවීමේ ඉඩකඩ පවතී. යම් යම් හේතු නිසා තමා කරගෙන යන වැඩකටයුතුවල අතපසුවීම් ඇති විය හැක. විදේශ කටයුතු සම්බන්ධයෙන් යහපත් වේ. විවාහ යෝජනාවලට විරෝධතා මතු කරයි.

මකර

වියදම් ඉහල යයි

වියදම් අධික දිනයකි. එමෙන්ම යම් යම් ගැටලු ද මතු වීමේ ඉඩකඩ පෙන්වයි. ඥාති හිතවතුන් සමග ගනුදෙනු කිරීමේ දී බොහෝ කල්පනාකාරී විය යුතුයි. වෙනත් අයගේ දේපළ හිමිකර ගැනීමට යාමෙන් ප්‍රශ්න මතු විය හැක. සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් නොවේ. බෝවන රෝගවලින් ප්‍රවේසම් වන්න.

කුම්භ

හදිසි ධන ලාභ

හදිසි ධන ලාභයක් හිමි වේ. තමා බලාපොරොත්තු වන අන්දමේ ත්‍යාගයක් ලැබිය හැක. ස්ථානගත වෙනස්කම් සිදු වේ. සතුරු කරදර නිමයි. අසල්වැසියන් සමග සහයෝගයෙන් කල් ගත කළ හැකි දිනයකි. සෞඛ්‍යය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි බෝවන රෝගවලට ගොදුරු විය හැක.

මීන

ගමන්බිමන් අධිකයි

අධ්‍යාපන කටයුතු කෙරේ වැඩි අවධානයක් යොමු කරයි. එමගින් ජයග්‍රහණ ලබා ගැනීමේ හැකියාව ද ලැබේ. වියදමට සරිලන මුදල් උපයා ගනී. විදේශයන් හා සම්බන්ධව කරන කටයුතු සඳහා ශුභදායකයි. ගමන්බිමන් වැඩි වේ. සෞඛ්‍යය සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න.