පලා පල

2021 ජුනි මස 23 වැනි බදාදා

2021 ජුනි මස 23 වැනි බදාදා

රාහු කාලය දිවා 12.12 සිට 01.46 දක්වා රාත්‍රී 12.12 සිට 01.39 දක්වා

ශුභ දිසාව- උතුර, මරු සිටින දිසාව- නිරිත

මේෂ

උසස් අයගෙන් චෝදනා

රැකියා කටයුතුවල නියැළීමේ දී කල්පනාකාරී විය යුතුයි. උසස් පුද්ගලයන්ගේ දෝෂාරෝපණ එල්ල විය හැක. ගෙදරින් පිට වාසය කිරීමට සිදු වේ. ආගම දහම කෙරේ භක්තියක් ඇති වේ. අධ්‍යාපන කටයුතුවලට බාධා පැමිණේ. නඩුහබ සම්බන්ධ කටයුතුවලින් පාඩු ඇති කරයි. හෘද පීඩා උත්සන්න වේ.

වෘෂභ

රැකියා පැතුම් ඉටුවේ

කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවක් ඉටු වේ. ඥාති මිත්‍රාදීන්ගේ සැලකිල්ලට පාත්‍ර වේ. කරගෙන යන කටයුතු මෙන්ම අලුතින් ආරම්භ කරන කටයුතු ද දියුණුවට පත් වේ. අන්සතු වස්තු හිමි වේ. රැකියා බලාපොරොත්තු වන්නන්ට ශුභදායකයි. විවාහ යෝජනා සම්බන්ධ යහපත් තීරණ ලැබේ.

මිථුන

සෞඛ්‍යය ගැන සිතන්න

සුළු සුළු ලාභ ලැබේ. වියදමට සරිලන ආදායම් උපයයි. අධ්‍යාපන කටයුතුවලින් යම් සාර්ථකත්වයක් හිමි වේ. රැකියා කටයුතු සාමාන්‍යයි. පොළොව සම්බන්ධ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. බලාපොරොත්තුවෙන් සිටි දෙයක් ලැබීමෙන් සිතේ සතුට ඇති වේ. සෞඛ්‍යය සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න.

කටක

උදරාබාධවලට ඉඩ

සිතේ කරදරකාරී හැඟීම් ඇති වේ. නොයෙක් දේ ගැන සැක සංකා පහල වේ. හදිසි කෝපය ඉස්මතු කරයි. ඉවසිලිමත්ව ක්‍රියා කළ යුතුයි. කරගෙන යන කටයුතුවලට බාධා ඇති වේ. අධ්‍යාපන කටයුතුවලට උනන්දු විය යුතුයි. උදරාබාධවලට ඉඩ පවතී. විශේෂයෙන් ජලයෙන් ප්‍රවේශම් විය යුතුය.

සිංහ

තරග විභාග ජය

දියුණුවට උත්සාහ ගන්නා මුත් එතරම් සාර්ථක ප්‍රතිඵල අත් නොවේ. සතුරු කරදර බහුලයි. ස්ත්‍රී පක්ෂයෙන් වාසි ලැබේ. අමුත්තකු මුණගැසීමට අවස්ථාව උදා වේ. රැකීරක්ෂා කටයුතුවල දී කාර්යක්ෂමතාව ඇති වේ. තරග විභාගවලට ඉදිරිපත් වීමෙන් ජය ලබයි. ශරීර සෞඛ්‍යය යහපත්.

කන්‍යා

සොර සතුරු බාධා

වියදම් පක්ෂ වැඩි වේ. තම වස්තුවට සොර සතුරු බාධා පැමිණේ. තම ගෞරවයට හානි සිදු වේ. කරගෙන යන කටයුතු කල් දැමීමට සිදු වේ. බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට නොවේ. අනුන්ගේ වැඩ තමාටම කිරීමට සිදු වේ. වෙළෙඳ ව්‍යාපාරවලින් පාඩු ලබයි. ශරීරයේ අප්‍රාණික ගති ඇති කරයි.

තුලා

හිතවත් අය සමග අමනාපකම්

බලාපොරොත්තු ඉටු නොවේ. අධික ලෙස මුදල් වියදම් වේ. විවාහ යෝජනාවලට විරෝධතා මතු වේ. නීති ප්‍රශ්නවලින් පරාජයට පත් වේ. හිතවත් අය සමග අමනාපකම් ඇති වේ. අධ්‍යාපන කටයුතුවලට පරිබාහිර දේට සිත යොමු වේ. වෙළෙඳ ව්‍යාපාර පාඩුවට යයි. රක්තවාතාබාධ උත්සන්න කරයි.

වෘශ්චික

අධ්‍යාපනයට ශුභයි

මිල මුදල් ලාභ හිමි වේ. නොයෙක් අංශවලට යොමු වීමෙන් ආදායම් මාර්ග වර්ධනය වේ. නව මිතුරු සබඳතාවලට මුල පිරේ. ගරු සැලකිලිහිමි වේ. ධාරණ ශක්තිය වර්ධනය වේ. විනෝදාත්මක කටයුතු කෙරේ සිත ඇදී යයි. වාද විවාදවලට පැටලීමෙන් ජය ලබයි. ප්‍රේම සබඳතාවලට ශුභයි.

ධනු

හදිසි වියදම්

කරදරකාරී වටපිටාවක් ඇති වේ. අන්‍යයන්ගේ වැඩ හේතුවෙන් සිතේ බය සංකා ඇති වේ. නිෂ්ඵල ගමන් හේතුවෙන් අධික වියදම් ඇති කරයි. රැකියා කටයුතුවලට උදාසීනතා ඇති වේ. හදිසියේ මුදල් වියදම් වීමක් පෙන්වයි. විභාග කටයුතුවලට එතරම් ශුභ නැත. දණහිසෙන් පහල රෝගාබාධ ඇති කරයි.

මකර

දේපළ උරුමයක්

දියුණුවට කටයුතු සැලසේ. නොයෙක් ආකාරයේ ලාභ ලැබේ. හදිසි ධන ලාභ උරුමයි. ලොතරැයි දිනුම්වලට ඉඩ පවතී. ගොවිතැන් කටයුතුවලින් වාසි ලැබේ. පරම්පරාගත දේපළ උරුමයන් හිමි වේ. විවාහාපේක්ෂිතයන්ගේ පැතුම් ඉටු වේ. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. සෞඛ්‍යය යහපත්.

කුම්භ

ආදායම් මාර්ග ඉහලට

සිතේ සතුට ඇති වේ. ආදායම් මාර්ගවල ප්‍රගතියක් ඇති වේ. කෑමබීම සම්බන්ධයෙන් වෙනස්කම් සිදු වේ. ගෙදරදොර අලුත්වැඩියා කටයුතු සිදු කරයි. අන්‍යයන්නේ ඈත්ව කාලය ගත කිරීමට උත්සාහ දරයි. ආශ්‍රය කරන්නන්ගේ අදහස් තේරුම් ගැනීමේ හැකියාවම ලැබේ.

මීන

පාඩු සිදු වේ

සිත් තැවුල් ඇති කරයි. වියදම් පක්ෂය පාලනය කර ගන්න. අනවශ්‍ය අය ඇසුරු කිරීමෙන් තම කීර්ති නාමය පළුදු විය හැක. විශේෂයෙන් ඥාතීන් සමග කටයුතු කිරීමේ දී කල්පනාකාරී විය යුතුයි. කරගෙන යන කටයුතුවලින් පාඩු සිදු වේ. අධ්‍යාපන කටයුතුවලට පරිබාහිර දේට සිත යොමු වේ. හදිසි අනතුරු පෙන්වයි.