අතන මෙතන

විදුලි රැහැනක පැටලී පුද්ගලයෙකු මරුට

හම්බන්තොට බදගිරිය ධීවර ගම්මාන ප්‍රදේශයේ වන අලින් හට යොදන ලද ගෘහස්ත විදුලි රැහැනක පැටලී පුද්ගලයෙකු මියගොස් තිබේ .

මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි ඩබ්ලිවු .පි රුවන් චාමර නමැති වයස අවුරුදු 33 ක් පමණ වන එක දරු පියෙකු වේ.

තම කුඹුරේ වී අස්වැන්න වන අලින්ගෙන් බේරා ගැනීම සදහා මොහු විසින් තම මාමණ්ඩිගේ නිවසින් විදුලි රැහැනක් ඇද තිබී ඇති අතර අනතුරුව අද(16) උදෑසන 5.30 පමණ කුබුරට පැමිණි අවස්ථාවේ මෙම පුද්ගලයා හට විදුලි සැර වැදී තිබේ

විදුලි සැර වැදී ඇත්තේ විදුලි සැර යෙදු කම්බියෙන් නොවන අතර වන අලින් පැම්ණෙන අතරතුර ඒ ආසන්නයේ යොදා තිබු තවත් කම්බියක විදුලි සර යෙදු කම්බිය ගැටීම නිසා බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරනය වී ඇත .

මේ සම්බන්ධයෙන් හම්බන්තොට මුලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි . කෙසේවෙතත් ප්‍රදේශයට නිසි විදුලි වැටක් නොමැතිකම හේතුවෙන් නිරන්තරයෙන් පැමිණෙන වන අලින් නිසා ප්‍රද්ශයේ ගොවීන්ගේ වගාවන් වන අලින් විනාශ කරන බව ප්‍රදේශයේ ගොවින් පවසයි.

 

අජිත් පුෂ්පකුමාර