News

වාහන නැවත ගෙන්වයි

වාහන නැවත ගෙන්වයි

වාහන සමාගමක් ගත් තීරණය

වෙළෙඳපොළට නිකුත්කර තිබූ මෝටර් රථ 634,000ක් නැවත කැඳවීමට ෆෝඩ් සමාගම තීරණය කර තිබේ.

ඉන්ධන ඉන්ජෙක්ටරයේ ඇති දෝෂයක් හේතුවෙන් එම තීරණය ගෙන ඇති අතර එබැවින් සිය මෝටර් රථ පරීක්ෂා කර ගන්නා ලෙස ෆෝඩ් සමාගම වාහන හිමියන්ගෙන් ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

ෆෝඩ් සමාගම පවසන්නේ 2020 – 23 වර්ෂවලට අදාළ සිලින්ඩර් 3ක ධාරිතාවයෙන් යුතු 1.5L එංජින් සහිත Bronco Sport සහ Escape SUVs වාහන නැවත කැඳවන බවය.

ලොව පුරා විකුණා ඇති මෝටර් රථ සඳහා එම තීරණය අදාළ බව ෆෝඩ් සමාගම පැවසීය.

හඳුනාගෙන ඇති දෝෂය හේතුවෙන් ගිනි ගැනීම් ඇතිවිය හැකි බව ෆෝඩ් සමාගම පැවසීය.