News

රාජගිරිය වකුගඩු ජාවාරම ගැන පැමිණිලි පහක්

ජාවාරමට පොලිස් ලොක්කෙකුත් සම්බන්ධයි

රාජගිරියේ පිිහිටි පෞද්ගලික රෝහලක කළ වකුගඩු ජාවාරම පිළිබඳ පුද්ගලයන් පස් දෙනකු ​බොරැල්ල පොලිසියට ඊයේ (24 වැනිදා) පැමිණිලි ගොනුකර ඇත. කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු මෙලෙස පැමිණිලි ගොනුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කියා සිටියේය.

ඔවුන් කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙති. ඔවුන් වයස අවුරුදු විසිහයත්, හතළිස් දෙකත් අතර පසුවන අය වෙති.

මෙම පිරිස වෛද්‍ය වාර්තා ලබා ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙතද ඉදිරිපත් කර ඇත.

අදාළ ජාවාරමට සහය ලබාදුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු පත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. මෙම නිලධාරියා තුන්වරක් වැඩ තහනමට ලක් වූ අයකු බවත්, මෙම වකුගඩු ජාවාරමට සම්බන්ධ රෝහලේ හිමිකරුවන්ගේ වාහනවලින්ම ගොස් පැමිණිලිකරුවන් බියවද්දවා රුපියල් ලක්ෂ දෙක බැගින් ලබා දී ලිපිවලට අත්සන් ගෙන ඇති බවත් අනාවරණ විය.

දිනේන්ද්‍ර රන්සිරි