අතන මෙතන

බොල්ගොඩ ගඟට වැටුණු පුද්ගලයාගේ සිරුර සොයා ගැනේ

බොල්ගොඩ ගඟට වැටුණු පුද්ගලයාගේ සිරුර සොයා ගැනේ

බොල්ගොඩ ගඟට වැටී පෙරේදා දිනයේ අතුරුදහන් වුණු පුද්ගලයාගේ සිරුර අද (08) හමු වෙයි.

එම සිරුර අද කඩලාන ගල්පිටහබඩ පෙදෙසට ගොඩ ගසා තිබී මොරටුමුල්ල පොලීසියට දැනුම් දි ඇත.

මෙම මළ සිරුර පරීක්ෂා කිරීමට පැමිණි හදිසි මරණ පරීක්ෂකවරයා මෙම මළ සිරුර කළුබෝවිල මෘත ශරීරාගාරය වෙත යැවීමට කටයුතු කර ඇත.

මළ සිරුර පී.සී.ආර් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කිරීමටත හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා නියම කළේය.

මොරටුමුල්ල පොලිස් ස්ථානාධිපති කමල් බණ්ඩාර , අපරාධ අංශයේ ස්ථානාධිපති වික්‍රමපාල, පොලිස් කොස්තාපල් (60685) නිශාන්ත යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

දර්ශාන් කානිල් – මොරටුව

සබැඳි පුවත් – 

බමන මතින් බෝට්ටුවේ ආ පුද්ගලයෙක් ගඟට වැටි අතුරුදහන් – 
https://bit.ly/3AM22dQ