අතන මෙතන

බීමත් පිරිසක් රෝහලේ යකා නටයි

බීමත් පිරිසක් රෝහලේ යකා නටයි

බීමත් පිරිසක් අද(23) අලුයම කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු වී සිදුකළ පහරදීමකින් රෝහල් සේවකයින් දෙදෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

තුවාල ලැබූ සේවකයින් දෙදෙනා නේවාසිකව ප්‍රතිකාර ලබන අතර බීමත් පිරිස රෝහලේ දේපලවලට ද අලාභ හානි සිදුකර ඇති බව බලධාරීන් පවසයි.

බීමතින් රිය පදවා අනතුරකට ලක්වූ අයෙක් රෝහල් ගතකිරීමට පැමිණී අවස්ථාවේදී රෝහල් සේවකයින් විසින් ඔවුන්ට මුහුණු ආවරණය පලඳීන්නැයි දැන්වූ විට ඔවුන් රෝහලේ දේපලවලට හානි සිදුකරමින් කලහකාරීව හැසිරී තිබිණ.

රෝහල් පොලිසියටද ඔවුන්ව පාලනය කරගත හැකි තත්ත්වයක සිට නොමැති අතර පහරදීමෙන් පසුව යතුරුපැදි කිහිපයකින් ඔවුන් පළාගොස් තිබේ.

එසේ පළායන අතරතුර නගරයේ පොලිස් මුරපොළටද හූ කියමින් ගොස් තිබූ අතර රාත්‍රී මුර සංචාරයේ යෙදුණු නිළධාරීන් සැකකරුවන් ව පසුපස ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන තිබිණ.