News

බිළිඳු කළලයක් මාර්ගයකදී හමුවෙයි

නාගසේන ප්‍රදේශය කම්පා කළ අලුත උපන් බිළිඳා

අලුත උපන් බිලිඳෙකුගේ කළලයක් ලිදුල පොලිස් වසමට අයත් නාගසේන වහල මාර්ගයේ තිබි ඊයේ (10) දින හමු වූ බව ලිදුල පොලිසිය පැවසීය.

නාගසේන ප්‍රදේශයේ සිංහල මහ විද්‍යාලයට පිවිසෙන මාර්ගයට යාබදව ළඳු කැලෑවක බිලිඳෙකුගේ මළ සිරුරක් තිබෙන බවට ප්‍රදේශවාසින් විසින් පොලිසිය වෙත දැනුම් දිමෙන් පසු සිරුර සොයාගෙන ඇත.

නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු කළලය පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව ලිදුල පොලිසිය පැවසීය.

හැටන් රංජිත් රාජපක්ෂ