අතන මෙතන

බිබිල ප්‍රදේශයෙන් සැක කටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මල සිරුරක්.

බිබිල පොලිස් බල ප්‍රදේශයේ ලග්ගල බැද්ද කනුල්වල ප්‍රදේශයේ නිවසක තිබී
සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයකුගේ මල සිරුරක් බිබිල පොලිසිය විසින්
සොයාගෙන තිබේ.

මෙසේ මියගිය පුද්ගලයා ඔහුගේම නිවසේ දී මෙලෙස මියගොස් ඇති අතර මරණයට
නිෂ්චිත හේතුවක් මේ වන තෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු හැටතුනක් වන
දිසානායක මුදියන්සේලාගේ ධනපාල නැමැති පුද්ගලයකු බව බිබිල පොලිසිය සදහන්
කරයි.

මල සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරන පරීක්ෂණය අද (18) සිදු කිරීමට නියමිත
අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන බිබිල පොලිසිය විසින් සිදු කෙරේ.