අතන මෙතන

බස් රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයෙක් මරුට

කොළඹ සිට ත්‍රීකුණාමලය බලා අධික වේගයෙන් ධාවනය වෙමින් තිබු සුඛෝපභෝගී බස් රථයක් අද(6) අළුයම 4.20 ට පමණ තඹලගමුව 99 ප්‍රදේශදේ බස් නැවතුම්පලක නවතා තිබු ලංගම බස් රථයක ගැටීමෙන් එක් අයෙකු මිය ගොස් තිහකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි තඹලගමුව පොලීසිය කියයි

තුවාල ලැබු මගීන් තඹලගමුව ප්‍රාදේශීය රෝහලට හා කන්තලේ මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති අතර,මිය ගිය අයගේ මළ සිරුර තඹලගමුව ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇත.

 

මංගලනාත් ලියනආරච්චි