අතන මෙතන

බලංගොඩ වේළිඔයට අයිස් වැස්සක්

බලංගොඩ කල්තොට වේළිඔය නගරයට අවට අද (31) පස්වරුවේ අයිස් වැස්සක් පතිත වී තිබේ.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මාසයකට ආසන්න කාලයක් පැවැති වියළි කාලගුණික තත්ත්වය නිමා කරමින් මෙලෙස වැස්සක් සමග අයිස් කැට බිමට පතිත වූ බවට ප්‍රදේශවාසීන් සදහන් කළ බවයි.

අද පස්වරු 3.30ත් 4.00ත් අතර එම වැස්ස ඇදහැලුණු බව ඔවුන් සදහන් කළේය.

වේළිඔය ප්‍රදේශයට මෙලෙස අයිස් වැස්සක් මීට පෙර තමන්ට මතක ඇති කාලයක ඇති වී නැතැයි ද වේළිඔය ප්‍රදේශයේ ජනතාව වැඩිදුරටත් පැවැසූහ.