අතන මෙතන

නානුඔයෙන් හමු වූ අභිරහස් මල සිරුර

මහනුවර පැණිදෙණිය මාම්පිටිය ප්‍රදේශයේ නානුඔයේ පාවෙමින් තිබූ අභිරහස ලෙස මිය ගිය යුද හමුදා සෙබළෙකුගේ මළ සිරුරක් පේරාදෙණිය පොලීසිය ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව අද (23) අලුයම සොයා ගෙන තිබේ.

මියගොස් ඇත්තේ දවුලගල පදිංචි රොෂාන් ද සිල්වා නැමැති විසිහත් හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

මුලතිව් ගැමුණු හේවා බළකායේ සෙබළෙකු වන මියගිය පුද්ගලයා මිට දින දෙකකට පෙර හමුදා කදවුරෙන් බැහැරව ඇති බව සදහන් වන අතර මොහු ඝාතනයට කර තිබේද නැතහොත් ඔහු විසින් සියදිවි හානි කරගෙන තිබේද යන්න පැවසිය හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු බව පොලීසිය පවසයි.

හමුදා සෙබළාගේ නිල ඇඳුම් ආදි භාණ්ඩ රැසක් නානුඔය ආසන්නයේ තිබී පොලීසිය සොයාගෙන තිබේ.

පේරාදෙණිය පොලීසිය සිදුවීම පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

කමල් සුරවීර