News

තවමත් COVID 19 ව්‍යාප්තියේ අවදානම පහවගොස් නැහැ

මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියේ අවදානම පහවගොස් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඉදිරියටත් ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය සිදුකළ යුතු බව එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කළේය.

යම් අයුරකින් රෝගය සමාජ ගත වී ඇත් ද යන්න සොයා බැලීම සදහා නියැදි පරීක්ෂාවන් තවදුරටත් සිදුකරනබව ද වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.