අතන මෙතන

තරුණියක් ගිනි තබාගෙන දිවි නසාගනී

තරුණියක් ගිනි තබාගෙන දිවි නසාගනී

මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීරණයේ තෙවැනි මහලේ කාමරයක සිටි අවුරුදු 24ක තරුණියක් සියදිවි හානි කරගැනීමේ සිද්ධියක් වාර්තා වෙයි.

ඊයේ (04) රාත්‍රී 7ට පමණ එම තරුණිය හිසට භූමිතෙල් හලාගෙන ගිනි තබාගෙන ඇති බවට වාර්තා වූ බව පොලීසිය සඳහන් කරයි.

තරුණිය සිය සිරුරට තබාගත් ගින්න නිවෙසට පැතිර ඇති බවට මුලික පරික්ෂණයේදී හෙළි වී තිබේ.

කාමරයේ ඇති වූ ගින්න නිවා දැමීමට මොරටු මහ නගරසභා ගිනි නිවන රථ දෙකක් පිටත් කර තිබේ.