News

ගසකින් බිමට වැටී පාසල් සිසුවෙක් මරුට

නැන්දා එක්ක දර කඩන්න ගිය දිලුක්ෂාන් අවසන් ගමන් යයි

ගසකින් බිමට වැටි පාසල් සිසුවෙක් අද (12) දින ජිවිතක්ෂයට පත් වී ඇති බව මස්කෙළිය පොලිසිය පැවසීය.

මෙසේ ගසකින් බිමට වැටි ජිවිතක්ෂයට පත් වී ඇත්තේ මස්කෙළිය පොලිස් වසමට අයත් බ්‍රවුන්ලෝ වත්තේ පදිංචි 14 හැවිරිදි එස්.ජි.දිලුක්ෂාන් නැමැති  මස්කෙළිය සමන්එළිය මහා විද්‍යාලයේ 09 වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවෙකි.

මස්කෙළිය පොලිසිය ප්‍රකාශ කර සිටියේ පාසල් සිසුවා සිය නැන්දණිය සමග අද (12) දින දහවල් දර කැඩීමට ගොස් ඇති බවත් මිය ගිය සිසුවා අඩි 8ක් පමණ උසකින් යුත් වැඩෙමින් පැවති යුකෙලෙප්ස්ටික් කුඩා ගසකට නැග ගසක අත්තක් කපමින් සිටින අවස්ථාවේදී ගස සමග සිසුවා බිමට වැටිමෙන් ඔහු එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත් වී ඇති බවත් ය.

ගසෙන් බිමට වැටුණු සිසුවාගේ හිසට බරපතල ලෙස තුවාල සිදු වී ඇති අතර මිය ගිය සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.

හැටන් රංජිත් රාජපක්ෂ