News

කිතුල් පැණි බෝතලේ රු.17,000යි

කිතුල් පැණි බෝතලේ රු.17,000යි

මෙරට කිතුල් පැණි විදෙස් රටවල් හතරකට යවනවා

මෙරට නිෂ්පාදනය කෙරෙන පිරිසිදු කිතුල් පැණි ලීටර් 15000 ක් මාසිකව විදෙස් රටවල් හතරකට අපනයනය කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහනේ අධ්‍යක්ෂිකා (SAPP) ආචාර්ය යසන්තා මාපටුන පැවසුවාය.

ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය, කොරියාව සහ ජපානය යන රටවල්වලට කිතුල් පැණි අපනයනය කරන බවත් ඇය කීවාය.

ස්විට්සර්ලන්තයට මාසිකව ලීටර් 10,000 ක්ද කොරියාවට ලීටර් 3,000 ක්ද ජපානයට ලීටර් 200 ක් 300 ක් අතර ප්‍රමාණයක් අපනයනය කරන බව අප කළ විමසුමකදී ඇය පැවසුවාය.

මීට අමතරව කොරියාවට සහ එක්සත් රාජධානියට මෙරට පිරිසිදු කිතුල් හකුරු අපනයනය කරන බවත් මෙම නිෂ්පාදන ඇහැළියගොඩ ප්‍රදේශයේ මී රස පාරිසරික නිෂ්පාදන ආයතනය හරහා අපනයනය කිරීමට කටයුතු කරන බවද ඇය සඳහන් කළාය.

ඇහැළියගොඩ ප්‍රදේශයේ පමණක් 500 කට අධික පිරිසක් කිතුල් කර්මාන්තයේ නිරතව සිටිති.

මෙරට කිතුල් පැණි මිලිලීටර් 500 ක බෝතලයක් කොරියාවේ අලෙවි කරන්නේ රුපියල් 17,000 ක් වැනි මිලකටය.

සාලිය කුමාර ගුණසේකර