News

කැම්පස් කඩඉම් ලකුණු එන දිනය

කැම්පස් කඩඉම් ලකුණු එන දිනය

A/L ලියපු සිසුන්ට පණිවිඩයක්

2021 උසස් පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු නිකුත් කිරීම හැකි ඉක්මනින් සිදුකරන බව අද (25) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

කඩඉම් ලකුණු ඉදිරි සති දෙක හෝ තුන ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යපාන අමාත්‍යවරයා පැවසුවේය.

“2023 වසරේදී අපි උත්සාහ කරනවා බොහෝදුරට නිවාඩු කාලය අඩුකරලා පාසල් කාලය වැඩිකරලා විෂය නිර්දේශය ඒ වර්ෂය තුළදී බොහෝදුරට අවසන් කරගන්න, එහෙම වුනොත් අපිට සාමාන්‍ය පෙළ උසස්පෙළ විභාග ඒ නිශ්චිත කාලසීමාවන්වලට ඉදිරියට ගන්න පුළුවන්කම තියේවී. දැන් කඩඉම් ලකුණු තව සති දෙක තුනක් ඇතුළත ලබාදෙන්න කටයුතු කරනවා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා, ඒ වගේම පාසල් උපකරණ පිළිබඳව ලබන සඳුදාට මම අමාත්‍ය මණ්ඩල සටහනක් ඉදිරිපත් කරලා තියෙනවා. සෙස් බද්ද ඉවත්කරගැනීම සඳහා පාසල් උපකරණ සම්බන්ධයෙන්.”