News

ඒඩ්ස් හැදිලදැයි බලාගන්න මසකට ඔන්ලයින් ඉල්ලීම් තුන්සීයක්

එච්අයිවී තියෙනවද බලන්න පහසු ක්‍රමයක්

එච්අයිවී ආසාදිත වී ඇත්දැයි හඳුනාගැනීම සඳහා මසකට පුද්ගලයන් තුන්සිය දෙනෙකු පමණ පරීක්ෂණ සිදු කර ගැනීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වන බව ජාතික ඒඩ්ස් මර්දන ඒකකය පවසයි. ඕනෑම පුද්ගලයෙකුට www.know4sure.lk වෙබ් අඩවිය ඔස්සේ තමන්ට එච්අයිවී ආසාදිත වී ඇත්දැයි පරීක්ෂණ සිදුකරගැනීම සඳහා වේලාව වෙන්කර ගැනීමට හැකියාව පවතියි.

එසේම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0703633533 /0112667163 දුරකථන අංක අමතා ලබා ගැනීමට හැකියාව පවතියි. තවද තමාට එච්අයිවී ආසාදිත වී ඇත්දැයි ස්වයං පරීක්ෂණයක් සිදුකරගැනීමට හැකියාව පවතින අතර ඒ සඳහා ජාතික ඒඩ්ස් මර්දන මධ්‍යස්ථානයේ 0716379192 දුරකථන අංකය ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකිය.

මෙරටින් එච්අයිවී ආසාදිතයන් තුන්දහස් හයසියයක් පමණ වසරකට හඳුනාගන්නා අතර ඉන් සියයට දාහතරක්ම (14%) අවුරුදු පහළොවත් විසිහතරත් අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් බව හඳුනාගෙන තිබේ.

වරුණි පෙරමුණ