ඉන්ධන බෙදාහැරීමට පොලිසිය
පෞද්ගලික බස් රථ ඇතුළු වාහන දිගු පෝලිම් වල
හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලකට ඉකුත් (05) දිනයෙන් පසු (16) දින ලද ඩිසල් ලිටර් 3300 ක් මිල දි ගැනිම සදහා පෞද්ගලික බස් රථ ඇතුළු වාහන විශාල ප්රමාණයක් එම ඉන්ධන පිරවුම්හලේ සිට ප්රධාන මාර්ගයේ ගාල් කර තිබුණි.
දින 11 කට ආසන්න කාලයක් ඩිසල් ඉන්ධන නොමැති විම හමුවේ හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ සිට ධාවනය වන දුර සහ කෙටිදුර ධාවන පෞද්ගලික බස් රථ ගණනාවක් ධාවනයෙන් ඉවත් කර තිබුණි.
(17) දින සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට ලද ඉන්ධන ප්රමාණය සිමා කර වාහන වලට ලබාදිමට ඉන්ධන පිරවුම්හල් සේවකයින් පියවර ගත් අතර , ඉන්ධන බෙදා හැරීමට හැටන් පොලිසියේ නිලධාරින් රාජකාරියේ යොදවා තිබුණි.
හැටන් රංජිත් රාජපක්ෂ