අතන මෙතන

ඇල්පිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු අත්අඩංගුවට

විදේශගත සංවිධානාත්මක අපරාධවකුගේ ගෝලයෙක් කුඩු ජාවාරමේ යෙදී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

ඇල්පිටිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත ඇල්පිටිය අවිත්තාව මාර්ගයේ මෛත්‍රී ගම් පාලම අසලදී මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙකු පරීක්ෂා කිරීමෙන් ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 3100 සොයාගැනීමට හැකිවූ අතර ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔහු දැන්ට විදේශගතව සිටින දකුණේ සංවිධානාත්මක අපරාධ කරුවකුගේ මෙහෙයවීම් මත උරගහ ඇල්පිටිය ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණ අයෙකු බව පොලිසියට අනාවරණය කරගැනීමට හැකි විය.

අත්අඩංගුවට ගත් සැකකරු ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඇල්පිටිය පොලිසිය විසින් කරන ලද තවත් මෙහෙයුමකදි මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන් 14 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් ද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.