brand logo
logo

විදුහල්පති සංගමය අධ්‍යාපන අමාත්‍යංශයේ රෙදි ගලවයි

10 June 2021

මාධ්‍ය සංදර්ශන නවත්වා අවංක වැඩක් කරන්නැයි අධ්‍යාපන ලොක්කන්ට දෙසයි

ගුරුභවතුන් හට කිසිදු පුහුණුවක්, මග පෙන්වීමක් ගෙවීමක් හෝ පහසුකම් සැපයිමකින් තොරව ඔවුන් ස්වේච්ඡාවෙන් කරන මාර්ගගත අධ්‍යාපනය අධීක්ෂණයට උපදෙස් දෙමින් හුදු මාධ්‍ය සංදර්ශනවලින් රට රැවටීම නතර කර සමස්ත දරු පරපුර වෙත පොදුවේ ප්‍රායෝගික වැඩපිළිවෙක් සකස් කිරීමට අවංකව කැපවීමෙන් කටයුතු කරන ලෙස විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දී ඇත. [caption id="attachment_150362" align="alignnone" width="597"] ගුරු භූමිකාව[/caption] විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ සභාපතිගේ හා ලේකම්ගේ අත්සනින් යුතුව 2021 ජූනි 8 වැනිදින ගුරු භවතුන් අධීක්ෂණය සම්බන්ධවයි යන හිසින් අධ්‍යාපන අමාත්‍යංශයට යොමු කළ ලිපියක් මගින් මෙම දැනුම් දීම කර ඇත. ගුරුවරුන්ගේ මාර්ගගත ඉගැන්වීම් කටයුතු නියාමනය හා අධීක්ෂණය කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විසින් විදුහල්පතිවරුන් වෙත කර ඇති පැවරීම සම්බන්ධයෙන් සිය දැඩි අප්‍රසාදය මෙමගින් පල කර ඇත. [caption id="attachment_150363" align="alignnone" width="611"] මාර්ග ගත අධ්‍යාපනය[/caption]

අන්තර්ජාල බිල්පත් හා දුරකතන බිල්පත් සඳහා තම සොච්චම් වැටුපෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වැයකර ගුරුවරුන් හා විදුහල්පතිවරුන් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉගැන්වීම් කරන්නේ රැකියාවට ඇති කැපවීමත්, දැරුවන් කෙරෙහි වූ මානව ලැදියාවත් මත මිස එය කිසිදු ආකාරයක නිල කටයුත්තක් නොවන බවද එහි අවධාරණය කර ඇත.

[caption id="attachment_150364" align="alignnone" width="567"] විධිමත් දුරස්ථ අධ්‍යාපන වැඩපිළිවෙලක අවශ්‍යතාව[/caption]
දුරස්ත අධ්‍යාපනය සඳහා අමාත්‍යංශයක් ලෙස කිසිදු සූදානමක් හෝ වැඩපිළිවෙලක් සකස් නොකර ගුරුවරුන් හා විදුහල්පතිවරැන් ස්වේච්ඡාවෙන් කරන කාර්යය අධීක්ෂණයට හදිසි නොවන ලෙසද එමගින් දැනුම් දී ඇත.

විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය අධ්‍යාපන අමාත්‍යංශයට යොමු කළ ලිිපිය

   

   
 

More News..