brand logo

WHO ප්‍රධානියා නිරෝධායනයට

02 November 2020

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රොස් ඇඩිනම් ස්වයං නිරෝධායනයට යොමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටෙඩ්රොස් ඇසුරුකළ පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගැනීමත් සමග ඔහු මෙසේ නිරෝධනයට යොමු වී ඇත. ඇසුරු කළ පුද්ගලයෙකුට කොවිඩ් 19 වැළඳී ඇති බවට දැනගත් පසු තමන් ස්වයං නිරෝධායනට යොමු වු බවටෙඩ්රොස් ඇඩිනම් සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ. තමන් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද ඔහු සිය ට්ව්ටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
 

More News..