brand logo

VTA කොවිඩ් 19 සමාජ සත්කාරක වැඩසටහන

11 May 2020

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරි⁣යේ ගරු සභාපතිතුමාගේ උපදේශකත්වයෙන්, අධ්‍ය⁣ක්ෂ ජනරාල්තුමියගේ මග පෙන්වීමෙන්, අධ්‍යක්ෂ (පුහුණු) තුමියගේ දිරිගැන්වීමෙන් හා පළාත් අධ්‍යක්ෂතුමාගේ සහයෝගයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යයන හා අනධ්‍යයන සියලුම කාර්ය මණ්ඩලය එක්ව අත්‍යාවශ්‍ය " වියලි ආහාර " ද්‍රව්‍යය තොගයක් රැස්කර, රටේ පවතින වසංගත තත්ත්වය හමුවේ විවිධ අපහසුතාවන්ට ලක්ව සිටින ආධුනික දරුවන් 100කට පමණ (එක් සිසුවකුට රු. 1500 ක් පමණ වන බඩු මල්ලක්) බෙදාදීම 2020.04.24 දින සිට ඉදිරියට අඛණ්ඩව සිදුකරමින් පවතී. මෙම කර්තව්‍යය සාර්ථක කර ගැනීම සඳහා, රට තුළ පවතින ව්‍යසනකාරි තත්ත්වය හමුවේ ඉතා ආරක්ෂාකාරීව එම කටයුතුවල නිරතවන සියලුම මධ්‍යස්ථාන භාර නිලධාරීන් ඇතුළු අධ්‍යයනය කාර්‍යමණ්ඩලයේ සියලුම උපදේශක මහත්ම මහත්මීන්, දිස්ත්‍රික් කාර්යාලයේ පුහුණු නිලධාරි ඇතුළු සියලුම අනධ්‍යයන කාර්‍යමණ්ඩලය මෙන්ම දිස්ත්‍රික්කය පුරා ඉගෙනුම ලබන ආධුනික දරුවන්ගෙන් ද ලැබෙන සහයෝගය ඉතා අගනේය.
 

More News..