brand logo

‘‘V Can’’ සමග පොදුජන පෙරමුණ රට පුරා යයි - ආණ්ඩුවේ තොරතුරු එවෙලේම ඇප් එකට

20 July 2019

මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රථමවරට ඩිජිටල් තාක්ෂණය යොදාගනිමින් ගෙන් ගෙට ගොස් සමීක්ෂණයක් සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන අගෝස්තු 3 හා 4 සූදානම් වේ. ඒ සඳහා සැකසූ ඇප් එකක් යොදා ගන්නා අතර එය වී කැන් (V Can) යනුවෙන් හඳුන්වයි. මුළු රටම ආවරණය වන පරිදි සෑම නිවසකටම ගොස් ගෘහමූලිකයන්ගේ විස්තරවලට අමතරව වර්තමාන ආණ්ඩුව සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන ඒ මොහොතේම ඇප් එකට ඇතුළු කරයි. මීට පෙර ඉන්දියාවේ දී අගමැති නරේන්ද්‍ර මෝදි සිය මැතිවරණ ප්‍රචාරයට පමණක් මෙම ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් ප්‍රචාරක කටයුතු සිදු කර ඇත. එහිදී ඡන්දදායකයන්ගේ විස්තර, හැඳුනුම්පත් නොමැති, විදේශගතවී සිටින අය, මියගිය අයගේ තොරතුරුවලට අමතරව සතුටින් ජීවත් වන්නේද යන්න සම්බන්ධයෙන් ද තොරතුරු ලබාගෙන ඒ මොහොතේම එම ඇප් එකට යොමු කරයි. චමින්ද සේනාරත්න
 

More News..