brand logo

Update : පාඨලී චම්පික රණවක හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

18 December 2019

පසුගිය 2016 වසරේ පෙබරවාරි මස 28 වන රාත්‍රියේ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් අද (18) පස්වරුවේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා හෙට (19) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. පාඨලී චම්පික රණවක මහතා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් හෙට දින දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත. අමාත්‍ය්‍යවරයා මෙලෙස අත්අඩංගුවට ගනු ලැබේ බත්තරමුල්ල ජයන්තිපුර පිහිටි නිවසේදීයි.
 

More News..