brand logo

UNP පාක්ෂිකයන් අතරමං වෙලා

05 July 2020

දැන් ජනතාව සජිත් ගාවට යන්න ද රනිල් ගාවට යන්න ද කියලා අතරමං වෙලා  අද එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ට එපා වෙලා අපි ගාවට එනවා යැයි හිටපු  අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි . අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අලව්ව ප්‍රදේශයේ (05) දා පැවති පොදුජන පෙරමුණේ පාක්ෂික හමුවක් අමතමිනි වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා අපි හැම මොහොතේම කල්පනා කරන්න ඕනි මේ මනාපයට වැඩිය මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කරගන්න පාර්ලිමේන්තුවට හැමදාම ගිය අපට වෙච්ච දෙයක් තමයි වෙන පක්ෂ වල අය තමයි හොඳ ඇමැතිකම් ගන්නේ ආණ්ඩු බාගෙට හැදුනහම සුළු පක්ෂවලින් ඇවිත් ඇමතිකම් පැහැරගන්නවා අපේ ආණ්ඩුවල අවුරුදු 12 ක් හිටියා රිෂාඩ් බදුර්දීන් කරන්න තියෙන කුප්ප වැඩ සේරම කෙරුවා හොර කනුත් කරයි ඒත් මුකුත් චෝදනා නෑ ඔය අපූරුවට ඉන්නේ චර.. බර.. ගාගා.. සහරාන් ගෙනල්ල උලව් වත් අපිට ගැස්සෙව්වා ගහලත් එයා කියනවා අපි දන්නෙ නැහැ කියලා අවුරුදු 12ක් වෙළඳ වාණිජ කර්මාන්ත ඇමතිකම කළේ ආයත 45ක් භාරව තිබුණා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලෙත් එයා ඇමති හිටවන මහින්ද මහත්තයා කොකා පෙන්නලා ගිහිල්ලා ඊළඟ ආණ්ඩුවෙන් ඇමති අපි හැමදේම වෙන්නේ අපේ අයගේ වරද නිසා හැමෝම දිනන්න බලන්නේ ඇත්ත කතා කරන්නේ නෑ මනාපය විතරයි ඉල්ලන්නේ මම එහෙම නැහැ … මනාපය ඉල්ලනවා තමයි ඒත් අපිට වැඩි මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ලබා ගන්න ඡන්ද වැඩි කරන්න අවශ්‍යයි අද අපිට පෙනෙනවා එක්සත් ජාතික පක්ෂයේ විශාල පිරිසක් මේ වන විට කලකිරිලා මොකද එක්සත් ජාතික පක්ෂයක් නැහැ අද දැන් ජනතාව සජිත් ගාවට යන්න ද රනිල් ගාවට යන්න ද කියලා අතරමං වෙලා අද එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ට එපා වෙලා අපි ගාවට එනවා ..මම ඔය හැමෝගෙන්ම ඉල්ලන්නේ එ අයට කතා කරන්න ඡන්ද ගන්නෙ නැතුව අපිට දිනන්න බැහැ හරියට දිනුවේ නැත්නම් ආණ්ඩුවක් හදලා වැඩක් නෑ ජනාධිපතිතුමාට වැඩ කරන්න නම් තුනෙන් දෙකක වත් තියෙන්න ඕනි තුනෙන් දෙක ගන්නවා කියලා කිය කියා හිටියට වැඩක් නැහැ අලුත් ඡන්ද එකතු කරගන්න ඕන විශේෂයෙන්ම තරුණ පෙළ එකතු කරගන්න අවශ්‍යයි මේ වෙලාවේ ඒ නිසා අපි හැමෝම එකතු වෙලා හොඳ ශක්තිමත් ආණ්ඩුවක් හදමු.ලංකාවේ දිස්ත්‍රික්ක තුනයි තියෙන්නේ මන්ත්‍රීවරුන් වැඩි කරන්න පුළුවන් කුරුණෑගලින් 15 යි ..ගම්පහින් 18 යි..කොළඹින් 21 යි ..මේ තුන එකතු වෙලා තමයි පාර්ලිමේන්තුවේ 4න් එක හැදෙන්නේ මෙහෙන් 4 න් එකක් හැදෙනකොට අර පැත්තෙන් උතුරු නැගෙනහිරින් 30 ක් අනිවාර්යෙන් එනවා මුස්ලිම් දෙමළ මන්ත්‍රීවරු ඒකට අපි මුහුණ දෙන්න නම් මේ දිස්ත්‍රික්ක වල ඡන්ද වැඩි කරලා මන්ත්‍රීවරු වැඩි කරන්න අවශ්‍යයි ඔය එක ඒක විකාර කියලා වැඩක් නැහැ මොකද මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඉදිරි අවුරුදු පහ ඉතාම වැදගත් අවුරුදු පහක් මේ වන විට කුඩු කාරයෝ අල්ලනවා මේ පහුගිය කාලයේ තිබුණු සම්ප්‍රදායික ආණ්ඩුවලට වඩා විප්ලවවාදී අදහස් ඇති රජයක් හදමු එකී ප්‍රතිඵල ජනතාවට දෙන්න ඕනි අපි හැමෝම මේ වෙලාවේ මහන්සි වෙන්න ඕනෙ කියලයි මගේ හැඟීම යැයි හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය
 

More News..