brand logo

TVS වෙතින් අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලි සඳහා අනුග්‍රහය

14 March 2020

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මෙරට අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලි දෙකකට අනුග්‍රහය දැක්වීමට TVS සමාගම ඉදිරිපත් වී සිටී. මෙය ක්‍රීඩාව සඳහා මෙරට තරුණ පරපුර උනන්දු කරවීමේ උත්සාහයක එක් වැදගත් පියවරකි. මේ යටතේ TVS සමාගම විසින් තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගයටත්, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ ශාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගයටත් අනුග්‍රහය ලබාදෙනු ඇත. මෙම ක්‍රිකට් තරග දෙකේදී තරගාවලියේ වීරයා සඳහා ජාත්‍යන්තර කීර්තිනාමයක් දිනා ඇති TVS NTORQ Race Edition යතුරුපැදිය බැගින් පිරිනැමීමට නියමිත ය. මෙම අනුග්‍රාහකත්වයන් පිළිබඳව අදහස් දක්වමින් TVS සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා මෙසේ පැවසී ය. “2019 වසරේදී බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරයට අනුග්‍රාහකත්වය දැක්වීමට ඉදිරිපත් වීමත් සමග TVS සමාගම ප්‍රමුඛ පෙළේ තරග සඳහා අනුග්‍රහය ලබාදෙන සමාගමක් ලෙස ජාත්‍යන්තර කීර්තියක් දිනාගැනීමට සමත් වූවා. TVS Cup 2019 තරගාවලිය ශ්‍රී ලංකා පිල මාස 44 ක් තිස්සේ ලබමින් සිටි පරාජයන් නිමා කරමින් 3-0 ලෙස ජයගත් සුවිශේෂී තරගාවලියක්. මෙවර තවත් සුවිශේෂී පියවරක් පෙරට තබමින්, ශ්‍රී ලංකාවේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලි දෙකකට අනුග්‍රාහකත්වය ලබාදීමට අප ඉදිරිපත් වී සිටිනවා. රටේ පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයේ උන්නතියට දායක වෙමින් මෙරට තරුණ පරපුර අතර ක්‍රීඩාව සඳහා ඇති උනන්දුව තවදුරටත් වර්ධනය කරවීම මෙහි ඉලක්කයයි.” TVS සමාගමේ අලෙවි හා නව ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී උෂාන් විජේවර්ධන මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. “වාර්ෂික අන්තර් පාසල් ක්‍රිකට් තරග යනු ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ස්ථානයක් හිමිවන ක්‍රීඩා අංගයක් ලෙස හැඳින්වීමට පුළුවන්. ක්‍රීඩාශීලී තාරුණ්‍යයට ගැළපෙන යතුරුපැදි වර්ග නිපදවන සමාගමක් මෙන්ම ක්‍රීඩාවේ උන්නතියට සෑම විටම කටයුතු කරන සමාගමක් ලෙස, මෙම අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලි අතරින් ප්‍රමුඛ පෙළේ තරගාවලි දෙකක් සඳහා අනුග්‍රහය දැක්වීමට හැකිවීම අපට මහත් සතුටක්. මෙම තරගාවලිවල ඉලක්කය වී ඇත්තේ රටේ තරුණ පරපුරේ තරගකාරී හා ක්‍රීඩාශීලී ගුණාංග තවදුරටත් වර්ධනය කිරීමයි. TVS යනු කවදත් මෙම ගුණාංග වෙනුවෙන් පෙනී සිටින සන්නාමයක් වන නිසා මෙම අනුග්‍රාහකත්වය අගනා සුසංයෝගයක ආරම්භයක් ලෙස හැඳින්වීමට පුළුවන්.”
 

More News..