brand logo

TRC හරහා ලියාපදිංචි නොකළ ජංගම දුරකථන වලට ජාල සම්බන්ධතා අත්හිටුවීමට පියවර

11 August 2020

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදංචි නොකළ ජංගම දුරකථන (සිම්පත් භාවිතයෙන් ක්‍රියා කරන) දුරකථන ජාලවලට සම්බන්ධ කිරීම නුදුරේදීම අත්හිටවනු ලබන බව නිවේදනයක් නිකුත් කරමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි. දැනට භාවිතා කරන සිම්පත් සහිත ජංගම දුරකථන සඳහා මෙය අදාල නොවන බවයි විදුලි සංදේශන කොමිෂන් සභාව දැනුම් දී සිටියි. සිම්පත් භාවිතයෙන් ක්‍රියාකරන විදුලි සංදේශ උපකරණ මිලදී ගැනීම හෝ කිසියම් සේවාවක් ලබා ගැනීම සදහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද බලපත්‍ර හිමි අලෙවිකරුවන් මගින් පමණක් කර ගන්නා මෙන් මහජනතාවට දන්වා සිටියි. කෙසේ වෙතත් එහි නිරවද්‍යතාවය තහවුරු කර ගැනීමට නම් IMEI<space><15 digital IMEI number> type කර 1909ට කෙටි පණිවුඩයක් යොමු කර දැනගත හැකි බව එම කොමිසම සදහන් කරයි.
 

More News..