brand logo

TNA නියෝජිත පිරිසක් ඉන්දීය මහකොමසාරිස් හමුවෙයි

17 June 2021

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් කොළඹ දී ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාව හමුවී තිබේ. ආර්. සම්පන්දන්, මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාතන්, සෙල්වම් අඩෙක්කලනාදන්, සහ එම් ඒ සුමන්තිරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊට එක්වී තිබේ. මෙරට දෙමළ ජනතාව අභිලාෂයන් ට අනුව සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ සංහිඳියාව ඇතිවන පරිදි එක්සත් ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීමක් ඇතිකිරීම සඳහා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව සභාය දෙන බව ගෝපාල් බාග්ලේ මහතා පැවසීය.
 

More News..